බලන්න

E   |     |  

2019 මැයි මස 08 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම් කැඳවීම සම්බන්ධයෙන්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(ii)    2015 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව
(iv)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(v)    2017 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)    2017 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්
(vii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(viii)    2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම්
(ix)    2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(x)    2016 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්

(xi)    2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා         -      පෙත්සම් දෙකයි
(ii)    ගරු ජානක වක්කුඹුර මහතා                   
(iii)    ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා    
   
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(ii)    ගරු අනුර දිසානායක මහතා
(iii)    ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා
(iv)    ගරු ඩලස් අලහප්පෙරුම මහතා

 

කල් තැබීමේ යෝජනාව

“2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2019 මැයි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks