පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : විශේෂ කාරක සභාවක් පත්කිරීම
‘B’ : ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
‘C’ : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
‘D’ : පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012, 2013 සහ 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(ii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii) 2016 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) (40 අධිකාරය) මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2019 අප්‍රේල් 22 දිනැති අංක 2120/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) (40 අධිකාරය) මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2019 අප්‍රේල් 22 දිනැති අංක 2120/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(viii) 2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) 2019 අංක 06 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2019.01.01 සිට 2019.03.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(x) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, 2007 ඔක්තෝබර් 09 දින අංක 1518/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ උපලේඛනය සංශෝධනය කිරීම සහ යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව, 2019 මාර්තු 18 දිනැති අංක 2115/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ඇක්වයිනාස් කොලේජ් ඔෆ් හයර් ස්ටඩීස් ආයතනය ඉංග්‍රීසි පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 26 දිනැති අංක 2116/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) 2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiii) 2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු සුසන්ත පුංචිනිලමේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු චන්දිම ගමගේ මහතා
(iv) ගරු හර්ෂණ රාජකරුණා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
පාසල් නැවත විවෘත කිරීම සහ ඒවායේ ආරක්ෂාව
අධ්‍යාපන අමාත්‍ය, ගරු අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) සමාගම් (සංශෝධන) - 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) - 1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ
(iii) මෝටර් වාහන (සංශෝධන) - (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා වූ
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පොල් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“2019 අප්‍රේල් මස 21 වැනි ඉරිදා එල්ල වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින වත්මන් තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1859 ට 2019 මැයි මස 8 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks