E   |     |  

2019 අප්‍රේල් මස 04 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 පෙබරවාරි 27 දිනැති අංක 2112/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව (2018.02.23 සිට 2018.10.12 දක්වා) එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අජිත් මාන්නප්පෙරුම මහතා                       
(ii)   ගරු ලසන්ත අලගියවන්න මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු මහින්ද රාජපක්ෂ මහතා
අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහැරීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත (2019) - විසිහතරවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1916 ට 2019 අප්‍රේල් මස 5 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks