පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ආබාධ සහිත පුද්ගලයින් විසින් කරන ලද ඉල්ලීම
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(3) වගන්තිය ප්‍රකාරව, විගණකාධිපතිවරයා විසින් ම’වෙත ඉදිරිපත් කරන ලද 2019 වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික කාර්ය වැඩසටහන
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ IX කොටස;
• 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ VIII කොටස; සහ
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ IX, X හා XI කොටස්, තෙවැනි කාණ්ඩයේ IV කොටස, නවවැනි කාණ්ඩයේ I කොටස සහ දසවැනි කාණ්ඩයේ XXXIII සහ XXXIV කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(ii) ගරු විදුර වික්‍රමනායක මහතා
(iii) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් 2019.02.22 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා වලට සභාව එකඟ විය -
(i) අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
2019 ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2019 මාර්තු 28 වැනි දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි පහත සඳහන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවන්හි නාමයන්
• මුදල් හා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලෙසත්;
• ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලෙසත්; සහ
• කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලෙසත්;
නැවත නම් කළ යුතු ය.
(ii) අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 (1) හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, 2019 මාර්තු 28 වැනි දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක් වශයෙන් පත් කළ යුතුය.
එකී කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා විෂය භාර අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත විය යුතු ය.
එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තුන් දෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුත්තේ ය.
(iii) අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1)හි විධිවිධානවල සහ 2019 ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2019 මාර්තු 28 වැනි දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි පහත සඳහන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා, විෂය භාර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හත් දෙනෙකුගෙන් (07) සමන්විත විය යුතු ය:—
(i) ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(ii) මහවැලි සංවර්ධන හා පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(iii) ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(iv) සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(v) බුද්ධශාසන හා වයඹ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(vi) මුදල් පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(vii) නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(viii) විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(ix) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(x) විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xi) අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xii) කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xiii) මහානගර හා බස්නාහිර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xiv) වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xv) කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xvi) මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xvii) රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xviii) නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xix) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xx) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xxi) අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xxii) වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xxiii) විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xxiv) සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
(xxv) කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව; සහ
(xxvi) විශේෂ ප්‍රදේශ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත (2019) - විසිදෙවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(ii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2012)
(iii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(iv) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(v) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(vi) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(vii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)
(viii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වවුනියාව දිස්ත්‍රික්කයේ කච්චල්සමලංකුලම වැව සහ අනෙකුත් වැව් ප්‍රතිසංස්කරණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2019 අප්‍රේල් මස 3 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks