E   |     |  

2018 නොවැම්බර් මස 16 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

අද දිනය සඳහා ස්ථාවර නියෝග අත්හිටුවිය යුතු බවට පිළිවෙළින් ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ඉදිරිපත් කරන ලදුව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලද යෝජනාවට සභාව එකඟ විය.

 

2018 ඔක්තෝබර් 26 වැනිදා සිට‍ පත්කළ ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව

පිළිවෙළින් ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදුව ගරු විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලද යෝජනාව “පක්ෂයි” සහ “විරුද්ධයි” යනුවෙන් කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1417 ට 2018 නොවැම්බර් මස 19 වැනි සඳුදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks