පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වගන්තියේ 3 උප වගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 දෙසැම්බර් 30 දිනැති අංක 1999/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග
(ii) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ යෝජිත ව්‍යාපෘතියට අදාළ නිදහස් කිරීම් සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 නොවැම්බර් 18 දිනැති අංක 1993/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු අජිත් පී. පෙරේරා මහතා
(ii) ගරු රංජිත් අලුවිහාරේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ශෝක ප්‍රකාශ යෝජනා
පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු එම්.එච්. මොහොමඩ් මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1445 ට 2017 පෙබරවාරි මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks