E   |     |  

2016 ජුනි මස 22 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ
(ii)   2015 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ
(iii)  2015 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ
(iv)  2015 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

(v)   2013 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ලසන්ත අලගියවන්න මහතා           - පෙත්සම් තුනයි
(ii)   ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා       - පෙත්සම් දෙකයි
(iii)  ගරු ක. තුරෙයිරෙත්නසිංහම් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
පානම ගම්මානයේ ජනතාව නැවත පදිංචි කිරීම

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා ද; අතුරුදහන් වූ තැනැත්තන් සෙවීම සහ ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා ද; අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ට සහාය වීම සඳහා ද; අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ දත්ත සමුදායක් ස්ථාපනය කිරීම සඳහා ද; ඉහත කී කාර්යාලයට පවරනු ලබන බලතල හා කර්තව්‍යවලට අදාළ කාර්යපටිපාටි සහ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා ද; මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නැතහොත් ඊට ආනුෂංගික සියලු කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම)”

නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව

විවාදයට ගෙන ඉදිරි දිනකට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 ජුනි මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks