පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසිමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති
(ii) 2015 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(iii) 2013 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
(ii) ගරු නවීන් දිසානායක මහතා
(iii) ගරු දුනේෂ් ගන්කන්ද මහතා
(iv) ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා - පෙත්සම් 4
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1430 ට 2016 මැයි මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks