පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරකසභා සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු සුසන්ත පුංචිනලමේ මහතා
(ii) ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
(iii) ගරු බිමල් රත්නායක මහතා
(iv) ගරු සීනිතම්බි යෝහේස්වරන්
(v) ගරු මොහොමඩ් නවවි
(vi) ගරු එස්. වියාලේන්දිරන්
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)
අමාත්‍යාංශ නිවේදන
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධව නගන ලද පැනයට පිලිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
අද දින න්‍යාය පත්‍රයේ අංක 1 සිට 5 දක්වා සඳහන් පහත අයිතම සභාව විසින් සම්මත කරන ලදී
(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක්
(ii) සේවකයන්ගේ ජාතික අවම වේතන පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii) කම්කරුවන්ගේ අයවැය සහන දීමනා පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1833 ට 2016 මාර්තු මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks