පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(ii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ
වාර්ෂික වාර්තා
(iii) 2014 වර්ෂය සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ
(iv) 2014 වර්ෂය සඳහා නැවත පදිංචි කිරීමේ, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු වජිර අබේවර්ධන මහතා - පෙත්සම් දහයයි
(ii) ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(iv) ගරු එච්. ආර්. සාරතී දුෂ්මන්ත මහතා
(v) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා - පෙත්සම් පහයි
(vi) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම සහ උතුරේ සංවර්ධන කටයුතු
අමාත්‍යාංශ නිවේදන
විශ්‍රාම වැටුප් ගණනය කිරීමේදී වැටුපෙන් 85% ක් නොලැබීම හේතුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව
2016 විසර්ජන පනත් කෙටුම්පතේ විසිදෙවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ටෙලිනාට්‍යය විකාශන කාලය තුළ ලැබෙන ආදායමෙන් ප්‍රතිශතයක් නිෂ්පාදකවරුන්ට ගෙවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2015 දෙසැම්බර් මස 18 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks