E   |     |  

2015 දෙසැම්බර් මස 5 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  විසර්ජන පනත් කෙටුම්පත (2016) කාරක සභා අවස්ථාවේ විවාදයේ දී විවිධ අමාත්‍යාංශවලින් ලබා දෙන ප්‍රගති වාර්තා සීඩී/ඩීවීඩී තැටි ලෙස බෙදා හැරීම සම්බන්ධයෙන් කථානායකතුමාගේ තීරණය

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ජෝන් අමරතුංග මහතා - පෙත්සම් තුනයි
(ii)   ගරු වජිර අබේවර්ධන මහතා - පෙත්සම් දෙකයි
(iii)  ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් දොළහයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

තම අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව

2016 විසර්ජන පනත් කෙටුම්පතේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1950 ට 2015 දෙසැම්බර් මස 7 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2016]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks