බලන්න

E   |     |  

2015 ජුනි මස 25 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’   :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii)   2014 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු දුමින්ද දිසානායක මහතා - පෙත්සම් තුනයි
(ii)   ගරු වසන්ත අලුවිහාරේ මහතා - පෙත්සම් දෙකයි
(iii)  ගරු වික්ටර් ඇන්ටනි මහතා                    
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

අමාත්‍යාංශ නිවේදන

(i)    අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(ii)   කෘෂිකර්ම අමාත්‍ය, ගරු දුමින්ද දිසානායක මහතා

සභාවේ දී නිවේදන ඉදිරිපත් කළහ.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් 2015 ජුනි මස 12 වන සිකුරාදා දින කරන ලද නිවේදනය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 ජුනි මස 26 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks