පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(ii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) පැවරීම සඳහා මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන්
(ii) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු පහසුකම් සම්බන්ධයෙන්
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රාජීව විජේසිංහ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
ගරු ආර්. යෝගරාජන් මහතා විසින් 2015.06.23 දින ඉදිරිපත් කරන ලද “මැතිවරණ ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ඉදිරියට කරගෙන යන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 ජුනි මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks