බලන්න

E   |     |  

2015 ජුනි මස 12 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කාරක සභාපති ගරු මුරුගේසු චන්ද්‍රකුමාර් මහතා මූලසනාරූඪ විය.

 

අමාත්‍යාංශ නිවේදන

(i)    විදේශ කටයුතු අමාත්‍ය, ගරු මංගල සමරවීර මහතා
(ii)   නිවාස හා සමෘද්ධි අමාත්‍ය, ගරු සජිත් ප්‍රේමදාස මහතා

සභාවේ දී නිවේදන ඉදිරිපත් කළහ.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත යටතේ නියෝගය

සභාව විසින් විවාදයක් නොමැතිව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මියන්මාරයේ රෝහින්ග්යා මුස්ලිම් සුළුතර ප්‍රජාවට විඳීමට සිදුවී ඇති පීඩාවන්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මොහමඩ් අස්ලම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1500 ට 2015 ජුනි මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks