බලන්න

E   |     |  

2015 ජුනි මස 11 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii)   2014 වර්ෂය සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii)  2014 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ
(iv)  2014 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(v)   2014 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතේ 69 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පත්කළ අතුරු කමිටුවේ වලංගු කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මැයි 27 දිනැති අංක 1916/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් මහජන පෙත්සමක් පිළිගන්වන ලදී:-

ගරු පොන්. සෙල්වරාසා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ සංවිධානය සමඟ විදේශ කටයුතු අමාත්‍යතුමා මෑතකදී පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන්

 

පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතා
(ii)   අභාවප්‍රාප්ත ගරු සංජීව කවිරත්න මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සමෘද්ධිලාභීන් විසින් තැන්පත් කරන ලද මුදල් දේශපාලන හිතවත්කම් මත වෙනත් පුද්ගලයින් අතර බෙදා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1747 ට 2015 ජුනි මස 12 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks