බලන්න

E   |     |  

2015 ජුනි මස 10 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  “සබරගමුව පළාත් සංචාරක අධිකාරියේ ප්‍රඥප්ති කෙටුම්පත” සලකා බැලිම පිණිස ගරු කථානායකතුමා විසින් 139 වැනි ස්ථාවර නියෝගය යටතේ “ඒ” ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) අතිරේක සාමාජිකයන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(ii)   2014 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ
(iii)  2014 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ
(iv)  2014 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ
(v)   2014 වර්ෂය සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ
(vi)  2014 වර්ෂය සඳහා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(vii)   2012 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ගයන්ත කරුණාතිලක මහතා - පෙත්සම් දෙකයි        
(ii)   ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

(i)  ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
පාරදෘශ්‍යභාවයකින් තොරව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන්

(ii)  ගරු අනුර දිසානායක මහතා
කො‍ටකෙතන ද්විත්ව ඝාතනය පිළිබඳව මහාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන්

 

කල් තැබීමේ යෝජනාව

“දින 100 වැඩසටහන” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 ජුනි මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks