බලන්න

E   |     |  

2015 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.

 

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. ඩී. බණ්ඩාරනායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්  2015 මැයි මස 19 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු වලට අදාළව ස්ථාවර නියෝග අංක 127 යටතේ ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් වරප්‍රසාද යෝජනා 3ක් ඉදිරිපත් කරන ලදී:-

(i)    ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
(ii)   ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(iii)  ගරු ජානක වක්කුඹුර මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 ජුනි මස 9 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks