බලන්න

E   |     |  

2015 මැයි මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු ආර්. ඩී. විමලදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදනය කරන ලදී -

‘A’   : දින රහිත යෝජනා පිළිබඳ තීරණය

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු පී. හැරිසන් මහතා         
(ii)   ගරු සුජීව සේනසිංහ මහතා - පෙත්සම් එකොළහයි
(iii)  ගරු විජිත හේරත් මහතා        
(iv)  ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් පහයි
(v)   ගරු වික්ටර් ඇන්ටනි මහතා - පෙත්සම් දෙකයි
(vi)  ගරු අජිත් කුමාර මහතා        
(vii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් හයයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

(i)  ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන්

(ii)  ගරු අනුර දිසානායක මහතා
රජයේ සේවකයන්ට යතුරුපැදි බෙදා දීම සම්බන්ධයෙන්

 

අමාත්‍යාංශ නිවේදන

(i)    අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(ii)   අධිකරණ අමාත්‍ය ගරු (ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතා
(iii)   මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා

සභාවේ දී නිවේදන ඉදිරිපත් කළහ.

 

උපදේශක කාරක සභා

1.    2015 මාර්තු මස 04 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද,

හැඳින්විය යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

2.    ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සභාව එකඟ විය,

මතු දැක්වෙන පරිදි උපදේශක කාරක සභා එකොළහක් (11) පත් කළ යුතු ය. -

(i)      ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(ii)     කම්කරු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(iii)    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(iv)    උසස් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(v)     ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(vi)    පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(vii)   වි‍ශේෂ ව්‍යාපෘති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(viii)  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(ix)    ගුවන් සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(x)     වාරිමාර්ග කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
(xi)    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

අංක 109 දරන ස්ථාවර නියෝගය අනුව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා අංක 106 දරන ස්ථාවර නියෝගයේ  විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද එක් එක් උපදේශක කාරක සභාව පස් දෙනෙකුට (05) නොඅඩු සහ විසිපස් දෙනෙකුට (25) නොවැඩි සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.

එක් එක් උපදේශක කාරක සභාවේ ගණපූරණය සභික මන්ත්‍රීන් තුන් දෙනෙකු (03) විය යුතු ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2015 මැයි මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks