පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර-
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන කටයුතු
(ii) සෞඛ්‍ය කටයුතු
(iii) තාක්ෂණ හා පර්යේෂණ කටයුතු
පිළිබඳ උපදේශක කාරක සභාවල වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත
නම් අනුව ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව (පක්ෂව 215; විරුද්ධව 01) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී.
පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම, සභාව විසින් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී. නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදුව (පක්ෂව 212; විරුද්ධව 01; වැළකී සිටි 01; නොපැමිණි 10) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2310 ට 2015 මැයි මස 19 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks