බලන්න

E   |     |  

2015 අප්‍රේල් මස 10 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් තුනයි                    
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ විදුලි බලාගාරය අවට ඉවතලන තෙල් නිසා භූගත ජලය දූෂණය වීම සම්බන්ධයෙන්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන) විවාදයට ගෙන කල් තබන ලදී:-

රැකියා වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීම

අනාගත ශ්‍රී ලංකාවේ බිහිවන නව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ක්‍රමවේදයකට මුල පිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂම ලෙස රට තුළ පවත්නා සියලුම තෘතීක අධ්‍යාපන ආයතන මගින් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 117 සිට 119 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i)    අල් ජමියාතුල් හ්හව්සියා (සංස්ථාගත කිරීමේ)
(ii)   චම්පික ප්‍රේමදාස ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
(iii)  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1510 ට 2015 අප්‍රේල් මස 20 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks