පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
පහත සඳහන් නිවේදන කරන ලදී -
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත්
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ ගරු කථානායකතුමාගේ සහතිකය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 සහ 2012 වර්ෂ සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ
(ii) 2013 වර්ෂය සඳහා සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ
(iii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ
(iv) 2013 වර්ෂය සඳහා පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ්හි
(v) 2011 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ
(vi) 2012 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ
(vii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ
(viii) 2012 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ
(ix) 2011 සහ 2012 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ
(x) 2012 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ
වාර්ෂික වාර්තා
(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනා
(xi) 2015 ජනවාරි 29 දිනැති අංක 1899/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(xii) 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව පහත සඳහන් අති විශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද නියම;
(xiii) 2014 දෙසැම්බර් 02 දිනැති අංක 1891/8
(xiv) 2014 දෙසැම්බර් 12 දිනැති අංක 1892/39
(xv) 2014 දෙසැම්බර් 31 දිනැති අංක 1895/11
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව පහත සඳහන් අති විශේෂ ගැසට් පත්‍රයන්හි පළ කරන ලද නියම;
(xvi) 2015 ජනවාරි 22 දිනැති අංක 1898/43
(xvii) 2015 ජනවාරි 29 දිනැති අංක 1899/32
(xviii) 2015 පෙබරවාරි 14 දිනැති අංක 1901/28
(xix) 2015 පෙබරවාරි 24 දිනැති අංක 1903/4
(xx) 2015 මාර්තු 17 දිනැති අංක 1906/7
(xxi) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබාරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxii) 2013 අංක 36 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2014
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
ගරු එම්. ටී. හසන් අලි මහතා - පෙත්සම් හතරයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)
අමාත්‍යාංශ නිවේදන
දින සියයේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු මුදල් අමාත්‍යතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-
(i) දේශීය ආදායම් (සංශෝධන) - 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා.
(ii) එකතු කළ අගය මත බදු (සංශෝධන) - 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා.
(iii) ජාතිය ගොඩනැගීමේ බදු පනත (සංශෝධන) - 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා.
(iv) මුදල් - මත්පැන් අලෙවිහල් සහ තැබෑරුම් අය බද්ද, කැසිනෝ කර්මාන්ත අය බද්ද, සුපිරි වාසි බද්ද, ජංගම දුරකථන ක්‍රියාකරු අය බද්ද, නිවාස සඳහා සෘජු චන්ද්‍රිකා සේවා අය බද්ද, චන්ද්‍රිකා ස්ථාන අය බද්ද, ක්‍රීඩා සඳහා වෙන් වූ නාලිකා අය බද්ද, මන්දිර බද්ද, විගමන බද්ද සහ මෝටර් වාහන ආනයනකරුවන්ගේ බලපත්‍ර ගාස්තුව පැනවීම සඳහා විධිවිධාන සැලස්වීම පිණිස ද, ඊට සම්බන්ධ හා ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද.
(v) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) - 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම පිණිස.
(vi) විදුලි සංදේශ බදු (සංශෝධන) - 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා.
(vii) ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) - 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම පිණිස.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 31; විරුද්ධව 52) සභාව විසින් නිෂ්ප්‍රභා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2015 අප්‍රේල් මස 8 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks