බලන්න

E   |     |  

2015 මාර්තු මස 24 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදනය කරන ලදී -

‘A’     : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
(ii)   ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
(iii)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

සිංගප්පූරුවේ හිටපු අගමැති අභාවප්‍රාප්ත ගරු ලී කුවාන් යූ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ

ගරු රනිල් වික්‍රමසිංහ මහතා,
(අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය)

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා,
(පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)

ගරු චමල් රාජපක්ෂ මහතා,
(පාර්ලිමේන්තුවේ කථානායකතුමා)

විසින් සිංගප්පූරුවේ හිටපු අගමැති ගරු ලී කුවාන් යූ මහතාගේ අභාවය පිළිබඳව සිය සංවේගය ප්‍රකාශ කර සිටින ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ

“දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය”

නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මෑතකදී සිදුකළ ස්ථානමාරු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1750 ට 2015 අප්‍රේල් මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks