පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
පහත සඳහන් නිවේදනය කරන ලදී -
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) 2009, 2010, 2011, 2012 සහ 2013 වර්ෂ සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තා
(iii) 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 67 වැනි වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2014 ඔක්තෝබර් 31 දිනැති අංක 1886/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(ii) ගරු කරුපයියා වේලායුදම් මහතා - පෙත්සම් දොළහයි
(iii) ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් හතරයි
(iv) ගරු අශෝක් අබේසිංහ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත සම්බන්ධයෙන්
(ii) ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන්
අමාත්‍යාංශ නිවේදන
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත සහ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදන දෙකක් කළේය.
පෞද්ගලික පැහැදිලි කිරීම්
තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ගරු රාජිව විජේසිංහ මහතා විසින් පෞද්ගලික පැහැදිලි කිරීමක් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-
(i) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය - විවාදය සඳහා ගෙන මතු දිනකට කල් තබන ලදී
(ii) මඩහපොල ශ්‍රී රත්නපාලාරාම විහාරස්ථ සාසන හා බෞද්ධ අධ්‍යාපන සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - සභාව විසින් සම්මත කරන ලදී
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මැතිවරණ පොරොන්දුවලට අනුව වී, රබර් සහ තේ සහතික මිලකට මිලදී ගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1857 ට 2015 මාර්තු මස 18 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks