බලන්න

E   |     |  

2015 මාර්තු මස 13 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

ගරු කථානායකතුමා විසින් පිළිගැනීමේ කථාව

කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා පිළිගන්නා ලදී.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව ඇමතීම

pm-modi ඉන්දීය අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් අද දින ප.ව. 3.15 ට සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතූ සිව්වැනි විදෙස් අගමැතිවරයා ඔහු වේ.

 

ස්තුති යෝජනා

අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ස්තුති යෝජනා ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1605 ට 2015 මාර්තු මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks