බලන්න

E   |     |  

2015 මාර්තු මස 3 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදන කරන ලදී -

‘A’     : තේරීම් කාරක සභාවේ රැස්වීම

‘B’     : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තීරණය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii)   2013 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ
(iii)   2013 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

(iv)   2012 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ
(v)    2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

“මඩහපොළ ශ්‍රී රත්නපාලාරාම විහාරස්ථ සාසන හා බෞද්ධ අධ්‍යාපන සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව “ඒ” ස්ථාවර කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු චන්දිම වීරක්කොඩි මහතා - පෙත්සම් දෙකයි
(ii)    ගරු පාලිත රන්ගෙ බණ්ඩාර මහතා    
(iii)   ගරු අජිත් පී. පෙරේරා මහතා
(iv)   ගරු තිස්ස අත්තනායක මහතා
(v)    ගරු වික්ටර් ඇන්ටනි මහතා
(vi)   ගරු බුද්ධික පතිරණ මහතා
(vii)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(viii)  ගරු කරුපයියා වේලායුදම් මහතා - පෙත්සම් පහළොවයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i) ගරු අනුර දිසානායක මහතා
CIFL (PLC) බැංකුව වසාදැමීම සහ එහි ගනුදෙනුකරුවන්ට මුහුණපෑමට සිදුවී ඇති ගැටලුකාරී තත්ත්වය

(ii) ගරු වාසුදේව නානායක්කාර මහතා
ස්විට්සර්ලන්තයේ HSBC බැංකු ශාඛාවේ ලාංකිකයන්ට අයත් ගිණුම් පිළිබඳ ලිපිගොනු

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුකූල වන ආකාරයට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම, නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම සහ එකී ඖෂධ, වෛද්‍ය උපකරණ හා සීමාස්ථ නිෂ්පාදනවලට අදාළ වෙනත් සියලු කරුණු සහ සායනික පරීක්ෂණ පවත්වන ආකාරය නියාමනය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනුවෙන් හඳුන්වනු ලබන නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා ද; ඖෂධ නියාමන අංශය, වෛද්‍ය උපකරණ නියාමන අංශය, සීමාස්ථ නිෂ්පාදන නියාමන අංශය සහ සායනික පරීක්ෂණ නියාමන අංශය ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අංශ පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීම සඳහා ද; 1980 අංක 27 දරන විලවුන්, උපකරණ සහ ‍ඖෂධ පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස

“ජාතික ‍‍‍ඖෂධ නියාමන අධිකාරිය”

නමැති පනත් කෙටුම්පත ගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ ඉදිකළ මහින්දෝදය විද්‍යාගාර සහ මහින්දෝදය තාක්ෂණ විද්‍යා පීඨ” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වයි.ජී. පද්මසිරි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1932 ට 2015 මාර්තු මස 4 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks