බලන්න

E   |     |  

2015 පෙබරවාරි මස 18 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදන 4 කරන ලදී -

(i) ‘A’    : “ජාතික ඖෂධ නියාමන අධිකාරිය” යන නමින් යුත් පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය.

‘B’, ‘C’ සහ ‘D’ :

(ii)  ගරු රවි කරුණානායක මහතා, පා.ම.
(iii) ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම.
(iv) ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්න

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩලයේ
(ii)   2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ
(iii)  2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
(iv)  2011 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ
(v)   2012 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ
(vi)  2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ

වාර්ෂික වාර්තා

(vii)  2013 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ
(viii)  2013 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix)   2013 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(x)    2012 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු කරුපයියා වේලායුදම් මහතා - පෙත්සම් පහළොවයි
(ii)    ගරු ඒ. ඩී. චම්පික ප්‍රේමදාස මහතා    
(iii)   ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා -  පෙත්සම් දෙකයි
(iv)   ගරු සජින් ද වාස් ගුණවර්ධන මහතා -  පෙත්සම් දෙකයි
(v)    ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතා
(vi)   ගරු ශෙහාන් සේමසිංහ මහතා
(vii)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i) ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රජයේ ස්ථාවරය සම්බන්ධව

(ii) ගරු අනුර දිසානායක මහතා
ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක පත්වීම් පිළිබඳව

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදුව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සමෘද්ධි (දිවි නැගුම) සංවර්ධන නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2015 පෙබරවාරි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks