බලන්න

E   |     |  

2015 පෙබරවාරි මස 10 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදන 3 කරන ලදී -

(i) ‘A’   : “දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය.
(ii) ‘B’  : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය.
(iii) ‘C’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

හත්වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු කරුපයියා වේලායුදම් මහතා - පෙත්සම් පහළොවයි
(ii)   ගරු සී. බී. රත්නායක මහතා        
(iii)  ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා        
(iv)  ගරු මනූෂ නානායක්කාර මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ‘වරාය නගර ව්‍යාපෘතිය’ පිළිබඳව ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් කරන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා

“දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත හදිසි පනත් කෙටුම්පතක් ලෙස ගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1805 ට 2015 පෙබරවාරි මස 18 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks