බලන්න

E   |     |  

2015 ජනවාරි මස 29 වැනි දින සභාවේ කටයුතු


අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු ජයසිංහ බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2010 වර්ෂය සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ
(ii)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

 

අමාත්‍යාංශ නිවේදන

(i)    අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(ii)   මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා

සභාවේ දී නිවේදන ඉදිරිපත් කළහ.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1550 ට 2015 ජනවාරි මස 30 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks