පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2007-10-19
"කලෙයිමහල් විළා" හෙවත් නවරාත්‍රී උත්සවය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන සරස්වතී පූජෝත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේදී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබිණි. රටේ නීති සම්පාදනය කරන ආයතනය තුළ රටේ හා ජාතියේ යහපත උදෙසා ප්‍ර ඥාව, ධනය හා ශක්තිය ලබාගනු පිණිස ඒවාට අධිපති දෙවඟන නමදින මේ උත්සවය සැමරීම ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ අභිප්‍රාය විය. ගරු කථානායකතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම උත්සවයට ආගමික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රාහකත්වය සැපයීය.
ඔක්තෝබර් 19 වන සිකුරාදා උදෑසන පාර්ලිමේන්තු පරි ශ්‍ර ය එදින පැවැත්වෙන උත්සවයට ඔබින පරිදි උත්සව සිරියක් ඉසිලීය. පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම ශිව දෙවියන්ගේ වාහනය වන “නන්දි” නම් වෘෂභයා දැක්වෙන කොඩිවලින් සහ “තෝරණම්” නැමැති සම්ප්‍රදායික ගොක් කොළ සැරසිල්ලෙන් අ ලං කාරවත් විය. ප්‍රධාන පිවිසුම ඉදිරියේ පිහිටි වේදිකාවක් මත දෙවඟනන් තිදෙනාගේ රූප තබා තිබුණි. සංස්කෘතික අංග රඟ දැක්වීම සඳහා තාවකාලික මණ්ඩපයක්ද සකස් කර තිබිණි.
එදින උදෑසන, ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා සමඟ ගරු නියෝජ්‍ය කථානායකතුමා, ගරු නියෝ ජ්‍ය කාරක සභා සභාපතිතුමා, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදේශීය නියෝජිතයින්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වී සිටියහ.
උදෑසන 9.30 ට උත්සවය ආරම්භ වූයේ “නාදස්වර ඉසෛ ඇරුවි” වී. කේ. පඤ්ඤමූර්ති සහ කුමාරන් සංගීත කණ්ඩායම ඉදිරිපත් කළ සම් ප්‍ර දායික “නාදස්වර” වාදනයෙනි. ඉනික්බිති උදෑසන 10.00 ට ආරම්භ වූ පූජාව, කොළඹ ශ්‍රී පොන්නම්බල වානේස්වරර් කෝවිලෙහි රාමචන්ද්‍ර අය්යර් ජෙයශන්කර්, සිවශ්‍රී සුබ්‍රමණිය අය්යර් ප්‍රදීපන්, සිවශ්‍රී බාලසුන්දරම් නිවේදනන් සහ සිවශ්‍රී බාලසුන්දරම් සින්දුජන් යන පූජකවරුන් විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ලදී. මෙහිදී දෙහිවල විෂ්ණු කෝවිලෙහි බ්‍රහ්මශ්‍රී වෙන්ගඩ සුබ්‍රමණිය කුරුක්කල්තුමා ද ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය.
පූජාව අවසන් වූ විගස සංස්කෘතික අංග ආරම්භ කැරුණි. පළමු අංගය වූයේ, කොළඹ අබිනය ක්ෂේත්‍රා හි දිව්‍යා සිවනේසන් හා ගීත් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද භරත නාට්‍ය නර්තනයයි.
ඉනික්බිති ත්‍රිකුණාමලයේ “කවින්කළාලයම්” ආයතනයේ බේබිශාලියා බේබිසිංහෝ මහත්මියගේ සිසු සිසුවියන් විසින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නැටුම් විශේෂයක් වන “මෝහිනි ආට්ටම්” ඉදිරිපත් කරන ලදී. සුදු ඇඳුමින් සැරසී රඟ දැක්වූ මේ නැටුම සභාවේ රැස්ව සිටි පිරිස මහත් සේ අගය කළහ.
ඊළඟ අංගය වූයේ “යුද්ධ කාණ්ඩම්” නම් මුද්‍රා නාට්‍යයයි. රාමායණයේ යුධ අතුරුකථාව ඇසුරෙන් අපූර්ව ලෙස නිර්මාණය කැරුණු මේ නාටකය ඉදිරිපත් කළේ මහනුවර “කලාසමර්පණ නෘත්‍යක්ෂේත්‍රා” ආයතනයේ සිසු සිසුවියන්ය. නාට්‍යය රචනා කරන ලද්දේ ප්‍රශාදිනී කුමාරසාමි හා සමන්ති ගංගා තිලකරත්න යන මහත්මීන් විසිනි.
“නාදස්වර ඉසෛ ඇරුවි” වී. කේ. පඤ්ඤමූර්ති, පී. කුමාරේශ්, රත්නම් රත්නතුරෙයි, ඒ. චන්ද්‍රමෝහන් සහ ඒ. රවිශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත වූ "පැල්ලියම්“ නම් වාද්‍ය වෘන්දය රැස්ව සිටියවුන් ප්‍රීතියෙන් පිනවීමට සමත් විය.
අවසන් අංග ලෙස, “කාවඩි” සහ “කැරහම්” නැමැති ජනනැටුම් ඉදිරිපත් කරන ලද්දේ ත්‍රිකුණාමලයේ “කවින්කළාලයම්” ආයතනයේ සිසු සිසුවියන් විසිනි. තම හිස රැඳි “කැරහම්” (සරසන ලද රිදී වර්ණ මුට්ටි) වැටෙන්නට නොදී මැනවින් ඉදිරිපත් කරන ලද එකී රංගනය, සභාවේ සිටි පිරිස මහත් සේ අගය කළ අතර නොමඳ පැසසුම් ලද්දේය.
උත්සවය අවසානයේදී, ගරු කථානායකතුමා විසින් උත්සවයට සහභාගී වූ සියලු කලා ශිල්පීන් හට භාෂාත්‍රයෙන් මුද්‍රිත “භගවත් ගීතාව” ප්‍රදානය කරන ලදී.
මෙම උත්සවය, ජාති හා ආගම් භේද නොතකා සියලු ආගම් හා ප්‍රජාවන්හි ජනතාව සහභාගී වූ තවත් එක් ආධ්‍යාත්මික හා සංස්කෘතික සිදුවීමක් විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks