පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2008-03-27
"අමා දහර" ගලා පසළොස් මසක් ගෙවුණි. දිනය 2008 මාර්තු මස 27 වැනිදාය. තවත් එබඳුම මියැසියකින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ කාරක සභා කාමර අංක 1 ධ්වනිත වූ වගයි මේ…
මෙදින සන්ධ්‍යා වරුවේ සංගීතඥ ටී. එම්. ජයරත්න ශූරීන්ගේ “දහම් ගී දැහැන”සංගීත භාවනා වැඩසටහන පැවැත්විණි. ජාති හා ආගම් භේදයකින් තොරව කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටි මෙම වැඩසටහන ඒ සියලු දෙනා දැහැන් ගත කළ මොහොතක් විය. මෙහිදී ටී. එම්. ජයරත්නයන් විසින් "තිලො අග නා හිමි", "සඳ වතුරක් සේ", "සියක් ආයු ලැබ", "අම්මා සඳකි" ආදී වූ බුදු ගුණ, මව් ගුණ හා පිය ගුණ ඇතුළත් ගීත කිහිපයක්ම ගායනා කරන ලදී. ඊට අමතරව එක් එක් ගීතය නිර්මාණය වූ සැටිත්, ඒවායේ ගේය පද රචනයත්, සංගීත නිර්මාණය සිදු කළ අයත් පිළිබඳ තොරතුරු ඔහු ගෙන හැර පෑවේ ශ්‍රාවකයන්ගේ රසවින්දනයට වැඩි යමක් එක් කරමිනි. ප්‍රසංගයේ අවසන වාදක මඩුල්ල විසින් ගීතයක අනුවාදනයක් ද ඉදිරිපත් කරන ලදී.
හෝරාවකට අධික කාලයක් එහි රැස්ව සිටි පිරිසේ සිත් සමාධි ගත කළ ප්‍රවීණ ශිල්පීන්ගෙන් සමන්විත වාද්‍ය වෘන්දයේ සංගීතයත්, ගායකයාගේ මධුර කටහඬේත් සංකලනය නවමු ආනන්දනීය අත්දැකීමක් විය. හුදෙක් කර්ණ රසායනයෙන් පමණක් නොව අර්ථ මාධූර්යෙන් අනූන වූ ද ගීත ගායනා කරන ශිල්පීන් අතර තමන් මුල් තැනක් ගන්නා බව ටී .එම්. ජයරත්නයන් මනාව සන්නිදර්ශනය කළේය.
මෙම අවස්ථාවට ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා ප්‍රමුඛව පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය, නියෝජ්‍ය මහ ලේකම්තුමා, සහකාර මහ ලේකම්තුමා, උසස් නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද, ලංකා බැංකුවේ බටහිර පළාත දකුණ භාර ජ්‍යෙ ෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාරතුමා ද සහභාගී විය. වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් කථානායකතුමා විසින් ටී. එම්. ජයරත්න මහතා පිළිගනිමින් විශේෂ කථාවක් ද පවත්වන ලදී.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කැරුණු මේ උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දරන ලද්දේ ලංකා බැංකු පාර්ලිමේන්තු ශාඛාවයි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks