පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2008-09-11
රාමදාන් මාසය තුළ දිනපතා උපවාසය නිමාකරමින් සවස ආහාරය ගැනීම හෙවත් ඉෆ්තාර් උත්සවය, 2008 සැප්තැම්බර් මස 11 වන දින කථානායක නිල නිවසේදී පැවැත්විණි.
සවස් වරුවේ ආරම්භ වූ මේ උත්සවය සඳහා අගමැති, කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අරාබි රටවල තානාපතිවරු, මුස්ලිම් නායකයන්, අනෙකුත් ආගම්වල නායකයන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත පිරිසගේ සහභාගීත්වය දක්නට ලැබුණි.
සුපුරුදු පරිදි මෙවර ද මේ උත්සවය සඳහා අනු ග්‍රහය දැක්වූයේ අරාබියානු රාජකීය ව්‍යාපාර සමූහයේ සභාපති සාම විනිසුරු එම්. බී. එම්. හම්සා මහතා වන අතර, සංවිධාන කටයුතු මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ගරු රවුෆ් හකීම් මහතාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් එම්. හසන් අල් ෆාසි ෂෙරිෆ් මහතා විසිනි.
මේ වර්ෂයේ ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසය වන රාමදාන් මාසය, සැබැවින්ම ලොවපුරා මුස්ලිම් භක්තිකයින් විසින් වඩාත් උතුම් කොට සලකනු ලබන අතර, මේ කාල සීමාව තුළ දී ඔවුහූ අලුයම සිට සන්ධ්‍යාව තෙක් දැඩිව උපවාසයේ යෙදෙති. මෙම මාසය, සියලු මුස්ලිම්වරුන් ඉතා ගරු කරන “ලයිලතුල් - කදිර්” රාත්‍රිය යෙදෙන මාසයයි. උපවාසය නිමා කිරීමෙන් අනතුරුව සර්ව බලධාරී වූ අල්ලාහ්ගෙන් විශේෂයෙන් උපවාසයේ යෙදෙන බැතිමතුන් ඇතුළු සියලු දෙනා හට සියලු පව්වලට ක්ෂමාව සහ ආශිර්වාද ඉල්ලා සිටීමටත්, සියලු මනුෂ්‍යයන් අතර සාමය හා මිතුදම වෙනුවෙන් යාච්ඤා කිරීමටත් ලොවපුරා දහස් ගණන් පිරිස් එක්රොක් වෙති. එමෙන්ම මේ මාසය තුළ දී මුස්ලිම්වරු රෝගීන්ට, දුප්පතුන්ට හා අසරණයින්ට උපකාර කිරීම වැනි පු ණ්‍ය ක්‍රියාවන් හි තදින් නිරත වීම ද සිදු කරති.
ආගමික හා ජාතික සමගිය ග්‍ර හණය කර වර්ධනය කරනු වස් කථානායක ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ගේ අනුග්‍රාහකත්වය යටතේ මේ ඉෆ්තාර් උත්සවය පවත්වන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks