logo

02

E   |     |  

 ටෙන්ඩර්

 2026-08-02 

අබලි ද්‍රව්‍ය සඳහා මිල ගණන් කැඳවීම

ටෙන්ඩර් දැන්වීම

පහත සඳහන් අබලි ද්‍රව්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිණිස පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් ලංසු කැඳවනු ලැබේ. 

අයිතම අංකයවිස්තරය
1.භාවිතයෙන් ඉවත් කරන ලද අනවරත විදුලි සැපයුම් ඒකක ( UPS -12V/7 AH ) බැටරි -  172
2.භාවිතයෙන් ඉවත් කරන ලද අනවරත විදුලි සැපයුම් ඒකක ( UPS -12V/7 AH ) - 52
3.භාවිතයෙන් ඉවත් කරන ලද මුළුතැන්ගෙයි උපකරණ, වයර් හා වාහන අබලි යකඩ තොගය
4.භාවිතයෙන් ඉවත්කළ ලැප්ටොප් පරිගණක  2, ටැබ් 1, ඩෙස්ක්ටොප් පරිගණක 27 , මොනිටර්ස් 35 ඇතුළු පරිගණක අමතර උපාංග තොගයක්
5.භාවිතයෙන් ඉවත්කළ පරිගණක මුද්‍රණ යන්ත්‍ර 22,ෆොටෝ කොපි යන්ත්‍ර 12, ෆැක්ස් යන්ත්‍ර 7, ජංගම දුරකතන 5  ඇතුළු කාර්යාල උපකරණ , විද්‍යුත් හා ඉලෙක්ටොනික් උපකරණ තොගය
6.කැඩී බිදී යාම නිසා භාවිතයෙන් ඉවත් කළ ලී බඩු උපකරණ (දැව , පොලිමර් හා යකඩ) තොගය
7.භාවිතයෙන් ඉවත් කළ රූපවාහිනි යන්ත්‍ර 10, කැසට් රෙකෝඩර් යන්ත්‍ර ඇතුළු විද්‍යුත් හා ඉලෙක්ටොනික් උපකරණ තොගය
8.භාවිතයෙන් ඉවත් කළ ජල පොම්ප කිරීමේ යන්ත්‍ර 3, උද්‍යාන නඩත්තු උපකරණ හා මුළුතැන්ගෙයි උපකරණ තොගය
9.මුළුතැන්ගෙයින් ඉවතලන මුඩු සහිත පොල්කටු , හිස් ප්ලාස්ටික් කෑන් (මුඩි සහිත / මුඩි රහිත)  පළුදු වු හිස් ප්ලාස්ටික් කෑන් ,හිස් තීන්ත කෑන්(ලීටර් 4) , තීන්ත බකට් තොගය හා පුවත් පත්


2026 අගෝස්තු  මස  12  දින පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වාත් අගෝස්තු මස 13   දින පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න  12.00 දක්වාත් ඉහත අයිතම පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පරික්ෂා කර බැලිය හැකි අතර, රු. 1000.00 ක ගාස්තුවක් පාර්ලිමේන්තු සරප් කවුන්ටරයට ගෙවා රිසිට්පත සැපයුම් හා සේවා කාර්යාංශයට ඉදිරිපත් කිරීමෙන් ලංසු කැඳවුම්පතක් ලබාගත හැක.

ඉහත අයිතම අංක 1 සිට 9 දක්වා සඳහන් එක් එක් අබලි ද්‍රව්‍ය වර්ගය වෙනුවෙන් වෙන වෙනම සම්පුර්ණ කරන ලද ලංසු කැඳවුම්පත් ආපසු ගෙවනු ලබන රු. 10,000.00 ක තැන්පතුවක් සඳහා වු පාර්ලිමේන්තුවේ සරප් වෙත මුදල් ගෙවා ලබා ගන්නා ලද රිසිට්පතක් සමගින් ලිපිකවරයක බහා එහි ඉහළ වම් කෙළවරේ " අබලි ද්‍රව්‍ය සඳහා මිල ගණන් කැඳවීම " ලෙස සඳහන් කොට මුද්‍රා තබන ලද ලියුම් කවරයක ඇතුලත් කර පාර්ලිමේන්තුවේ සැපයුම් හා සේවා අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට 2026 අගෝස්තු මස 13  දින  ප.ව.  1.00 ට ප්‍රථම බහාලිය යුතු බව දන්වනු ලැබේ. නියමිත වේලාවට පසුව ඉදිරිපත් කරනු ලබන ලංසු කැදවුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ලංසු විවෘත කිරීම 2026 අගෝස්තු මස 13  දින පස්වරු 1.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රය තුල ඇති වාහන අංගනයේ දී  සිදු කරනු ලබන අතර, ලංසුකරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට මෙම අවස්ථාවට සහභාගිවිය හැකිය. තෝරා ගන්නා ලංසුකරුවන් 2026 අගෝස්තු මස 14  දින මධ්‍යහ්න 12.00 ට පෙර තම අයිතමයන් සඳහා නියමිත මුදල පාර්ලිමේන්තුවේ  සරප් වෙත ගෙවීමෙන් අනතුරුව නිකුත් කරන කුවිතාන්සිය ඉදිරිපත් කර අදාළ අයිතමයන් පරිශ්‍රයෙන් ඉවත් කරගත යුතුය. ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අබලි ද්‍රව්‍ය අයිතම සියල්ලම හෝ එයින් කොටසක් පෙර දැනුම් දීමකින් තොරව රදවා ගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවේ මහ ලේකම් සතු වේ. 


සභාපති
අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා වු ප්‍රසම්පාදන කමිටුව,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
2026 අගෝස්තු මස  2  වන දින.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks