01

E   |     |  

 දිනය: 2018-06-06   පිළිතුර ලබා දී ඇත 

0491/2018: Transfers Police

491/’18

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා පොලිසියේ වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තිය කවරේද;

             (ii)       2017 ජූලි සිට ඔක්තෝබර් දක්වා ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ ස්ථාන මාරු ලබා දීමට හේතුව වෙන් වෙන් වශ‍යෙන් කවරේද;

(iii) මෙම ස්ථාන මාරු කිරීම්, ජාතික පොලිස් කොමිෂන් සභා චක්‍රලේඛ අංක 2017/01 ට පටහැනි නොවන්නේද;

(iv) එසේ නම්, මෙම ස්ථාන මාරුවීම් සිදු කිරීමේ  අවශ්‍යතාවය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-06

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks