01

E   |     |  

 දිනය: 2018-06-20   පිළිතුර ලබා දී ඇත 

0486/2018: Condition of Wattawagal Bridge in A50 Main Road

486/’18

ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කිලිනොච්චි - මුලතිව් A-50 ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ප්‍රධාන පාලම වන මීටර් 402ක් දිගැති වට්ටුවාකල් පාලම එක් වාහනයක් පමණක් ගමන් කළ හැකි තරම් පටු වීම සහ කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකිරීම හේතුවෙන් ගමනාගමනයට අවහිරයක් වී ඇති බවත්;

(ii) මෙම වට්ටුවාකල් පාලම ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව, මවිසින් 2017.07.31 දිනැති ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, වට්ටුවාකල් පාලම, නිශ්චිත කාලයක් තුළ වාහන දෙකක් ගමන් කළ හැකි වන පරිදි පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද යන්න ‍එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks