01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0485/2018: Cinemas

1751/’17

ගරු ලකී ජයවර්ධන මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දිවයින පුරා මේ වනවිට පවත්වාගෙන යනු ලබන සිනමාශාලා කවරේද;

            (ii)       ඒවා පිහිටා ඇති ස්ථාන කවරේද;

           (iii)       එම සිනමාශාලාවල හිමිකරුවන් සහ ඒවා ආරම්භ කර ඇති දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) දිවයින පුරා පිහිටි සිනමාශාලා වර්ගීකරණයක් කර තිබේද;

(ii) එසේ නම්, ඒ කවර ආකාරයටද;

(iii) එම සිනමාශාලා නියාමනය කරනු ලබන්නේ කවුරුන්ද;

(iv) ඉතා අඩු පහසුකම් සහිතව හා දුර්වල ක්‍රියාකාරිත්වයෙන් යුතුව පවත්වාගෙන යනු ලබන සිනමාශාලා තිබෙන බව දන්නේද;

(v) එසේ නම්, සිනමාශාලා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා, සිනමාශාලා නියාමනය කිරීමට විධිමත් ක්‍ර‍මවේදයක් කඩිනමින් සකස් කරන්නේද;

(vi) එසේ නම්, ඒ කෙසේද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-18

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks