01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0484/2018: Television Channels

1750/’17

ගරු ලකී ජයවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවත්වාගෙන යනු ලබන රූපවාහිනී නාලිකා සංඛ්‍යාව කොපමණද;

            (ii)       එක් එක් රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යනු ලබන ආයතනය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එක් එක් රූපවාහිනී නාලිකාවල හිමිකරුවන් සහ ඒවා ආරම්භ කර ඇති දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති රූපවාහිනී නාලිකාවලින් දැනට විකාශනය පවත්වාගෙන නොයන නාලිකා තිබේද;

(ii) එසේ නම්, එම නාලිකා කවරේද;

(iii) රූපවාහිනි නාලිකා නියාමනය සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද;

(iv) එම නියාමනය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බව පිළිගන්නේද;

(v) ද්වේශ සහගතව හා උපහාසාත්මකව යම් යම් නාලිකා මඟින් සිදු කරන බරපතල සමාජ හානි වැළැක්වීම සඳහා රූපවාහිනී නාලිකා නියාමනය කිරීමට කඩිනමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්නේද;

(vi) එසේ නම්, ඒ කෙසේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-06

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks