01

E   |     |  

 දිනය: 2018-06-20   පිළිතුර ලබා දී ඇත 

0480/2018: Two Companies chosen to privatize Hambantota Port

480/’18

ගරු ඩී. වී. චානක මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      හම්බන්තොට වරාය පෞද්ගලීකරණය සඳහා සමාගම් දෙ‍කකින් යෝජනා ඉදිරිපත් කර තිබුනේද;

            (ii)      එසේ නම්, එම සමාගම්වලින් එක් සමාගමක් තෝරාගන්නා ලද පදනම කවරේද;

           (iii)      එම සමාගම තෝරා ගැනීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව මඟින් ලබාදුන් නිර්දේශ කවරේද;

(iv) තෝරාගත් සමාගම සමඟ අත්සන් කරන ගිවිසුම් දෙක කවරේද;

(v) එම ගිවිසුම් මඟින් ස්ථාපනය කරන සමාගම් දෙකෙහි කොටස් බෙදීයන ආකාරය කවරේද;

(vi) එම සමාගම් දෙකට පැවරෙන කාර්යයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(vii) එම සමාගම්වලට ලැබෙන ආදායම් මාර්ග කවරේද;

(viii) දැනට සේවය කරන සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(ix) වරායේ නඩත්තු කටයුතු පැවරෙන සමාගම කවරේද;

(x) මෙම පෞද්ගලීකරණය හරහා රජයට හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ආදායම් ප්‍රභවයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු ඩී. වී. චානක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks