පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බිමල් රත්නායක මහතා,— විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ “ගූගල් ලූන්” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගූගල් සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමක් හෝ එකඟතා ලියවිල්ලක් තිබේද;
(ii) මේ සඳහා ගූගල් සමාගම තෝරා ගැනීමට රජය තීරණය කළ පදනම කවරේද;
(iii) එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය ලබාදීමට එකඟ වූ හා ලබාදුන් පහසුකම් කවරේද;
(iv) එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයට වැය වූ මුදල කොපමණද;
(v) ගූගල් සමාගම ගුවන්ගත කළ බැලූනය කඩා වැටීමට බලපෑ හේතුව කවරේද;
(vi) ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් නිකුත් කර තිබේද;
(vii) ගූගල් සමාගම මෙම ව්‍යාපෘතිය අතහැර ඇති බවට ප්‍රකාශ කර තිබේද;
(viii) එසේ නම්, අදාළ ගිවිසුම හා එකඟතා කඩවීම හේතුවෙන් ඇති වූ මූල්‍යමය හා අනිකුත් හානි කවරේද;
(ix) එම හානිවල වගකීම පැවරෙන්නේ කාහටද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-17
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks