01

E   |     |  

 දිනය: 2018-06-20   පිළිතුර ලබා දී ඇත 

0440/2018: Developing Wadduwa - Moronthuduwa Road

440/’18

ගරු ජයන්ත සමරවීර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      වාද්දුව හන්දියේ සිට, මොරොන්තුඩුව හන්දිය දක්වා දිවෙන                    වාද්දුව -  මොරොන්තුඩුව මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සහ අවසන් කිරීමට යෝජිත දින කවරේද;

(ii) එම මාර්ගයේ දිග, දැනට තාර යොදා ඇති ප්‍රමාණයේ පළල හා මුළු පළල කොපමණද;

(iii) කාපට් ඇතිරීමට බලාපොරොත්තු වන පළල සහ සංවර්ධනයෙන් අනතුරුව, පාරේ මුළු පළල කොපමණද;

(iv) සංවර්ධනය කරනු ලබන පාලම් සංඛ්‍යාව සහ  බෝක්කු සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම මාර්ග ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල කොපමණද;

(ii) එම මුදලින් ඉඩම් හා දේපළ වන්දි ලෙස වෙන්කර ඇති මුදල කොපමණද;

(iii) ඉදිකිරීම් කාර්යය සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;

(iv) ඉදිකිරීම් කාර්යය සිදුකරන්නේ කවුරුන් විසින්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ, නම් ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks