04

E   |     |  

 දිනය: 2018-08-07   පිළිතුර ලබා දී ඇත 

0431/2018: Repairing roads of Elikimbulawala, Thimbiriaththawala, Mawathawewa

431/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇළිකිඹුලාවල, තිඹිරිඅත්තාවල සහ මාවතවැව යන ගම්මානවලට ප්‍රවේශ වන ග්‍රාමීය මාර්ග ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බවත්;

(ii) එම මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස එම ගම්වාසීන් නිරන්තරයෙන් ඉල්ලීම් කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමට හේතු කවරේද;

(ii) මෙම මාර්ග ප්‍රතිසංස්කරණය කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-07

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks