04

E   |     |  

 දිනය: 2018-06-08   පිළිතුර ලබා දී ඇත 

0423/2018: developing drainage system in Kalawewa village

423/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ඉ‍පලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කලාවැව ගම්මානයේ පවුල් 2500 ක් පමණ ජීවත් වන බවත්;

             (ii)      මෙම ගම්මානය, දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ සහ ඉතා සීග්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින ගම්මානයක් වීම හේතුවෙන් මෙහි අතුරු මාර්ග හා කානු පද්ධති පිළිවෙළට සකස් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

 (ආ) (i) මෙම අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-08

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks