04

E   |     |  

 දිනය: 2018-06-07   පිළිතුර ලබා දී ඇත 

0422/2018: Distributing paddy lands leased out to Kurunegala Plantation Limited from Mahaakkarawatta and Kelaniwatta on free hold basis for long term tenant farmers

422/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ධාතුසේනපුර, කලාවැව, මහඅක්කරය වත්ත සහ කැළණිවත්ත යන ප්‍රදේශවල කුඹුරු ඉඩම් අක්කර 100 ක පමණ ප්‍රමාණයක් කුරුණෑගල වැවිලි සමාගමකට බදු දී ඇති බවත්;

(ii) මෙම ඉඩමේ අඳ ගොවීන් ලෙස ගොවීන් දීර්ඝ කාලයක් පුරා ගොවිතැන් කටයුතුවල නියැලෙන බැවින්, වැවිලි සමාගමෙන් මෙම ඉඩම් නිදහස් කර අඳ ගොවීන්ට සින්නක්කර අයිතිය ලබාදීමට කටයුතු කරන මෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරයා සහ ඉඩම් අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම ඉඩම්වල සින්නක්කර අයිතිය මෙම ගොවීන්ට ලබාදීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2018-06-07

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks