01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0395/2018: Coordinating Secretaries to the President

395/’18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට අනුමත කර ඇති සම්බන්ධීකරණ ලේකම්වරුන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      2016.01.02 දින සිට වත්මන් ජනාධිපතිවරයා යටතේ පත් කර ඇති සම්බන්ධීකරණ ලේකම්වරුන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම සම්බන්ධීකරණ ලේකම්වරුන් පත් කර ඇති ක්ෂේත්‍ර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම එක් එක් සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නම, අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එක් සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සඳහා ගෙවන වැටුප කොපමණද;

(iii) ඒ අනුව පසුගිය වර්ෂ දෙක තුළ එම සම්බන්ධීකරණ ලේකම්වරුන් සඳහා දරා ඇති සමස්ත පිරිවැය කොපමණද;

(iv) අදාළ සම්බන්ධීකරණ ලේකම්වරුන් විසින් එම පිරිවැයට සාපේක්ෂව ප්‍රමාණවත් කාර්යභාරයක්  ඉටුකර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-05

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks