පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
391/’18
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන දෙමළ මාධ්‍ය පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල් අතරින් ප්‍රාථමික හා ද්විතීක පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පාසල්වලින් මධ්‍යම රජයට අයත් පාසල් සංඛ්‍යාව කොපමණද;
(iv) එම පාසල්වල නම් කවරේද;
(v) දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) රත්නපුර දිස්ත්‍රික්කයේ,
(i) 2010 වර්ෂයේ සිට මේ දක්වා 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් හා අසමත් ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2010 වර්ෂයේ සිට මේ දක්වා අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) විභාගය සමත් හා අසමත් ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;
(iv) සිංහල මාධ්‍ය හා දෙමළ මාධ්‍ය ශිෂ්‍යයන් අතර ඉහත විභාග සමත් සහ අසමත් ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-07
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks