01

E   |     |  

 දිනය: 2018-06-05   පිළිතුර ලබා දී ඇත 

0381/2018: Gratuity due to estate workers of Government owned estates not paid for years

381/18

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රජයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතුවල සේවය කරන කම්කරුවන්ගේ වැටුපෙන් අඩුකරනු ලබන සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් හා පාරිතෝෂික දීමනා 2016 වර්ෂය අවසාන වනවිටත්, වසර ගණනාවක සිට එම කම්කරුවන්ට ගෙවා නැති බව පිළිගන්නේද;

(ii) මෙම වතුවල සේවයේ යෙදී සිටින කම්කරුවන් සංඛ්‍යාව හා මේ වනවිට ඔවුන්ට ගෙවිය යුතු හිඟ මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) අරමුදල් ලැබිය යුතු සමහර කම්කරුවන් මේ වනවිට මියගොස් ඇති අතර මෙම මුදල් ඔවුන් වෙත නොගෙවීමෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට  බරපතල අසාධාරණයක්  සිදු වී ඇති බව පිළිගන්නේද;

(iv) මෙම මුදල් වහාම කම්කරුවන්ට ගෙවීමට පියවර ගන්නේද;

(v) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2018-06-05

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks