පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
259/’18
ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුවිට, හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලය නමින් විද්‍යාලයක් තිබෙන බව දන්නේද;
(ii) දැනට එම විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව හා සේවය කරන ගුරුවරු සංඛ්‍යාව කොපමණද;
(iii) එම විද්‍යාල භූමියේ මායිමක එක් කොටසක දැඩි නායයෑමේ තර්ජනයකට ලක් වී තිබෙන බව දන්නේද;
(iv) එසේ නම්, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-19
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ශිෂ්‍ය සංඛ්‍යාව - 1134යි
ගුරුවරුන් සංඛ්‍යාව - 32යි
(iii) ඔව්.
(iv) ඔව්.
"ගංවතුර හා නායයාම් හේතුවෙන් හානියට පත් පාසල් ගොඩනැඟිලි පුනරුත්ථාපනය සහ ඉදිකිරීම- 2017" ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල අධීක්ෂණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වෙන් කරන ලද ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉහත නම් සඳහන් කුරුවිට, හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ නායයාම් සිදු වූ ප්‍රදේශය ආවරණය කරමින් පැති බැම්මක් ඉදිකර දැනට එහි කටයුතු අවසන් කර ඇති බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් විසින් මා වෙත වාර්තා කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2018-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks