පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
238/18
ගරු හේෂාන් විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ සීග්‍රයෙන් දියුණු වන ඇඹිලිපිටිය නගරය තුළ ව්‍යාපාරික ඉඩම් සඳහා හිමිකම් ලබාදීමේ ගැටලුවක් පවතින බව පිළිගන්නේද;
(ii) එසේ නම්, නිවැරදි අයුරින් ඉඩම් හිමිකම් ලබාදීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙම නගරයේ ඉඩම් සම්බන්ධයෙන් විහාරස්ථානයක් අයිතිවාසිකම් ප්‍රකාශ කරන බැවින්, ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරික ස්ථාන තුළ ගොඩනැගිලි ඉදිකිරීම සිදු නොකරන බව දන්නේද;
(ii) මෙම විහාරස්ථානයට මෙකී ඉඩම් සම්බන්ධයෙන් සත්‍ය වශයෙන්ම ඇති හිමිකම කවරේද;
(iii) වසර ගණනාවක සිට මෙම නගරය තුළ අදාළ ව්‍යාපාරික ස්ථාන භුක්ති විඳිමින් සිටින ව්‍යාපාරිකයන්ට ඒවායේ හිමිකම් ලබාදීමටත්, තම ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා ව්‍යාපාරික ප්‍රජාවට පහසුකම් සැපයීමටත් පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-05
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks