01

E   |     |  

 දිනය: 2018-06-08   පිළිතුර ලබා දී ඇත 

0232/2018: Urban Housing Schemes - Colombo

232/’18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ඉදිරි වර්ෂ 03 ඇතුලත ආරම්භ කිරීමට නියමිත කොළඹ  දිස්ත‍්‍රික්කයේ නාගරික නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම නිවාස ව්‍යාපෘතීන්හි ඉදිකිරීමට අපේක්ෂිත නිවාස ඒකක සංඛ්‍යාව කොපමණද;

(iii) මෙම නිවාස ව්‍යාපෘති සඳහා නිශ්චිත ඉඩම් හඳුනාගෙන තිබේද;

(iv) එසේ නම්, එම ඉඩම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම ව්‍යාපෘති සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල කොපමණද;

(ii) මේ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන පවතින්නේ නම්, ඒවා කවරේද;

(iii) රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනවලින් ඉදිකරනු ලබන නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මෙම ව්‍යාපෘති අවසන් කිරිමට බලාපොරොත්තු වන දින වකවානු කවරේද;

(v) මෙම නිවාස ව්‍යාපෘතිවල නිවසක මුළු වටිනාකම කොපමණද;

(vi) එම නිවාස ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-08

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks