01

E   |     |  

 දිනය: 2018-06-05   පිළිතුර ලබා දී ඇත 

0231/2018: Deeds for the people who received apartments after Meethotamulla tragedy

231/’18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2012 වර්ෂයේ මීතොටමුල්ල කසළ කන්ද පුළුල් කිරීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 160 ක් සඳහා සාලමුල්ල, “ලක්සඳ සෙවණ” තට්ටු නිවාස සංකීර්ණයෙන් 2014.12.01 දින නිවාස ලබා දී ඇති බවත්;

(ii) එම නිවාස ලබා දී මාස ‍දෙකක් ඇතුළත ඔවුන්ට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සින්නක්කර ඔප්පු ලබා දීමට පොරොන්දු වී තිබූ බවත්;

(iii) මෙතෙක් එම පදිංචිකරුවන් සඳහා ඔප්පු ලැබී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) සින්නක්කර ඔප්පු ලබා නොදීමට ‍හේතු කවරේද;

(ii) යම් ගැටලුකාරී තත්ත්වයන් පවතී නම්, ඒවා විසඳා ගනිමින් මෙම නිවාස සඳහා සින්නක්කර ඔප්පු ලබා දිය හැකි නිශ්චිත දින වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-05

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks