02

E   |     |  

 දිනය: 2018-07-19   පිළිතුර ලබා දී ඇත 

0222/2018: World Heritage Status for Knuckles Range

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      2000.05.05 දිනැති අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, කොන්දේසි සහිතව නකල්ස් කඳු වැටිය සඳහා ලෝක උරුම තත්ත්වය ලැබුණු බවත්;

             (ii)      ඉහත කොන්දේසිවල ප්‍රධාන කොන්දේසිය ප්‍රකාරව, නකල්ස් කඳුවැටියට ඉතා ආසන්නව පිහිටි මිනිපේ, පන්විල, පාතදුම්බර, ලග්ගල, විල්ගමුව, රත්තොට, උකුවෙල හා මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ට අයත් අක්කර 2000ක විශාලත්වයෙන් යුත් භූමි ප්‍රමාණයක් උක්ත කඳුවැටිය සමඟ ඒකාබද්ධ කර නොමැති බවත්;

(iii) එබැවින්, නකල්ස් කඳුවැටිය ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්කිරීමේ අවදානමකට ලක්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) නකල්ස් කඳුවැටිය ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්කිරීම වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන් අක්කර 2000ක භූමි ප්‍රමාණය නකල්ස් කඳු වැටිය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා පියවර ගන්නේද;

(ii) එසේ නම්, එහි වර්තමාන තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-19

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks